බඩු ගන්න ඉන්දියාවෙන්න්න ඉන්දියාවෙන් ඩොලර් ​කෝටි 100ක ණයක්


ආහාර සහ බෙහෙත් ආනයනයටයි

(අජන්ත කුමාර අගලකඩ) 

ඩොලර් හිඟයට පිළියමක් ලෙස, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක පමණ ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ. 


එම ණය මුදල මුදල් වශයෙන් නොව, ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ණය පහසුකමක් ලෙස ලැබෙනු ඇතැයි ද රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මීට අමතරව ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි පනහක මුදලක්ද, හුවමාරු ණයක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 40ක් ද ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර ඇතැයි දැනගන්නට ඇත. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් දා ඉන්දියාවේ කළ සංචාරයකදී එරට බලධාරීන් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ණය පහසුකම ලැබෙනු ඇත.

මේ අතර, චීනයෙන්ද ඇ​ෙමරිකානු ඩොලර් කෝටි 150ක ණයක් පසුගියදා ලැබුණු අතර, වසරකින් ආපසු ගෙවීමේ පදනම මත කටාර් රාජ්‍යයෙන් ද ඇ​ෙමරිකානු ඩොලර් කෝටි 50ක ණයක් ලැබීමට නියමිතව ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි