ජනපතිට එරෙහිව සජබෙන් දෝෂාභියෝගයක්


අත්සන් ගැනීම ඇරඹුවා

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

(දයාසීලි ලියනගේ)  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් හා රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය මේ දිනවල අත්සන් ගැනීමේ කටයුතු ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ දෝෂාභියෝගය හා විශ්වාසභංග පත්‍රිකා මේ වන විට සකස්කර අවසන් වන අතර අවශ්‍ය අත්සන් ලබාගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙන බවයි.  


බහුතර ඡන්දයක් මේ යෝජනා දෙකටම ප්‍රමාණවත් වන බව ද ඔහු සඳහන් කළේය.  


මෙම යෝජනා දෙකට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ගණනාවක් සහාය දැක්වීමට එකඟතාව දක්වා ඇති අතර රටේ පවතින තත්ත්වය මත මේ සඳහා සහාය ලබාදීම වගකීමක් ලෙස සලකන බව ද ඔහු කීය.