ගෙවන්න සල්ලි නැතිව කෝටි විසිදාහක බිල්පත් හිර වෙලා


අජන්ත කුමාර අගලකඩ

ඉකුත් කාලයේ රට පුරා සිදුකරන ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි විසිදහසක පමණ හිඟ බිල්පත් මහා භාණ්ඩාගාරයේ සිර වී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.


ඉන් රුපියල් කෝටි 8000ක පමණ බිල්පත් මහාමාර්ග ඉදිකළ කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද බිල්පත් බව ද පැවසේ.

මීට අමතරව, සෞඛ්‍ය, නිවාස, නාගරික සංවර්ධන, අධ්‍යාපන ආදි අමාත්‍යාංශවලින් ඉදිරිපත් කළ රුපියල් කෝටි ගණනක බිල්පත් ද මහා භාණ්ඩාගාරයේ සිරවී වී ඇති බව වාර්තා වේ. මීට වසර දෙක තුනකට පමණ පෙර සිට ගෙවීමට ඇති මෙම හිඟ බිල්පත් ගෙවීම සඳහා මුදල් සොයා ගැනීම බරපතළ ගැටලු‍වක් වී ඇතැයි දැනගන්නට ඇත.   


මේ හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන් ද බරපතළ ගැටලු‍කාරී තත්වයකට මුහුණ දී සිටින බව දැනගන්නට තිබේ.   


මහා මාර්ග ඉදිකරන ලද කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම සම්බන්ධයෙන් ගැටලු‍වක් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉකුත්දා පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.