ගෑස් මගඩිය හිටපු ලොක්කකුගේ වැඩක්


(දයාසීලි ලියනගේ)   

මිල වැඩි කිරීමට අනුමැතිය ලබා නොදීම නිසා ගෑස් සංයුතිය වෙනස් කිරීමට ලිට්‍රෝ ගෑස් ආයතනයේ හිටපු ප්‍රධානියෙක් තීරණය කර තිබූ බව අනාවරණය වී ඇත.  


ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1200කින් වැඩි කරන ලෙසට කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීමට රජයේ පාර්ශ්වයෙන් අනුමැතිය ලබා නොදීම නිසා මෙම තීරණය ගෙන තිබූ බව ඉහළ මට්ටමේ පරීක්ෂණයකදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ. 

මීට අමතරව මෙම නිලධාරියා ගෑස් මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 50ක් බැගින් කොමිස් මුදලක් ලබාගෙන තිබූ බවද සඳහන් වේ.   


ලිට්‍රෝ ගෑස් සමාගමේ වර්තමාන සභාපතිවරයා හෝ අධ්‍යක්ෂ මණ්ඩලය මේ කිසිදු තීරණයකට සම්බන්ධ වී නැති බවද අනාවරණය වී ඇත.   


අනාවරණය වී ඇති මෙම තොරතුරුවලට අදාළව දීර්ඝ වශයෙන් කරුණු සොයමින් සිටින අතර වගකිවයුතු පුද්ගලයා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ජනාධිපතිවරයාට වාර්තාවක් බාර දීමටද නියමිතව ඇත.