ගල් අඟුරු නැව් 15 නොගෙනාවොත් විදුලිය අර්බුදය උග්‍රවෙයි


දයාසීලි ලියනගේ  

ලබන අප්‍රේල් 15 වැනි දිනට පෙර ගල් අඟුරු නැව් 15ක් ගොඩබා ගැනීමට නොහැකි වුවහොත් විදුලිය අර්බුදය බරපතළ තත්ත්වයකට පත් වන බව වාර්තා වේ. 

මේ වන විට ගල් අඟුරු නැව් 10ක ප්‍රමාණයක් ලැබී ඇති අතර මුහුදේ වාරකන් ආරම්භ වීමට පෙර තවත් නැව් 15ක් සඳහා අවශ්‍ය මුදල් බැඳ සූදානම් විය යුතු බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු නිහාල් වීරරත්න මහතා කීය. මෙරටට ගල් අඟුරු නැව් 38 ක් අවශ්‍යව පවතින අතර මේ වනවිට එයින් 10ක් පැමිණ ඇති බවද වීරරත්න මහතා ප්‍රකාශ කළේය.


අප්‍රේල් 15 සිට ලබන සැප්තැම්බරය දක්වා වාරකන් කාලය පවතින බැවින් හා ඒ කාලයට විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණවත් තරම් නොලැබීම හේතුවෙන් විදුලිය නිෂ්පාදනය අනිවාර්යෙන්ම අවම වන බවද වීරරත්න මහතා කීය.