ඉවත් කළ මැති ඇමතීන්ට තවමත් නිල වාහන


සමහරුන්ට පෙර ගමන් රථත්

අජන්ත කුමාර අගලකඩ

හිටපු කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් රැසක් සිය නිල වාහන තවමත් ආපසු බාර දී නැතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.   


එසේ නිල වාහන බාරදී නොමැති හිටපු කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් නිල වාහනවලට අමතරව පෙරගමන් රථ ද භාවිත කරන බව එම ආරංචිමාර්ගවලින් පැවසේ.

මෙම වාහන ආපසු බාරදෙන ලෙස අදාළ අමාත්‍යාංශ වලින් හිටපු ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන්ට දැනුම් දී ඇතත් බොහෝ දෙනකුගෙන් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නැතැයි දැනගන්නට ඇත.   
රජයේ නිල වාහන බාර නොදුනහොත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.


මේ අතර, ඉන්ධන අර්බුදය බරපතළ වී තිබෙන නමුත්, ඇතැම් අමාත්‍යවරුන් ඉන්ධන දහනය වැඩි අධි සුඛෝපභෝගී වාහනම භාවිත කරන බවද වාර්තා වේ.