ඉන්ධන ප්‍රශ්නයෙන් යකඩ යකාත් නවතී ?


(දයාසීලි ලියනගේ)  

ඉන්ධන හිඟයට විසඳුමක් නොලැබුණහොත් ඉදිරි සති කීපය තුළ දුම්රිය ධාවනයට දැඩි බලපෑම් එල්ල වන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.


සියලු දුම්රිය එංජින් ධාවනය සඳහා ඩීසල් යොදා ගන්නා නිසා මේ තත්ත්වය උදාවිය හැකි බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  

දුම්රිය ධාවනය සඳහා සති කීපයකට සෑහෙන ඉන්ධන ගබඩා කර ඇතත් හිස්වන ප්‍රමාණය පූරණය කර ගැනීමට සිදුවන බවද ඔහු කීය.  


මේ අතර දැනට ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනය සඳහා ඉන්ධන ප්‍රශ්නයක් මතු වී නොමැති බවද මණ්ඩලය සතු පිරවුම්හල්වල ප්‍රමාණවත් තරම් ඉන්ධන ගබඩා කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.  
මේ අතර දැනට ධාවනය වෙමින් පවතින පෞද්ගලික බස්රථවලින් 15,000 ක පමණ ගණනක් ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක පවතින බව බස් සංගම් ප්‍රවාහන අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇත.  
ඉන්ධන හිඟය නිසා මේ තත්ත්වය පවතින බව ඔවුන් සඳහන් කර ඇති බවද ඔහු කීය.