අලුතින් බාර් ලයිෂන් 150 ක්


සුජිත් හේවාජුලිගේ

විවිධ ස්ථාන වෙනුවෙන් මත්පැන් බලපත්‍ර 150ක් අලුතින් නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.   
මින් බලපත්‍ර අනූවක් නිකුත් කරනු ලැබ ඇත්තේ සුපිරි වෙළෙඳසල් (Super Market) සඳහාය.


අනෙක් බලපත්‍ර හැට අවන්හල් (Restaurant) සඳහා නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීවේය.   


අවන්හල් සඳහා මෙලෙස නිකුත් කර ඇත්තේ බියර් සහ වයින් අලෙවිය සඳහා වූ බලපත්‍රය.

මේ අතර බලපත්‍ර සහිත මත්පැන් මෙන්ම නීති විරෝධී මත්පැන් මිලද අධික ලෙස ඉහළයෑම නිසා ජනතාව අයිස්, මත්පෙති වැනි මත් ද්‍රව්‍යවලට යොමුවීම වැඩිවීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට ඇතැයි ගුණසිරි මහතා කීවේය.   


සීනි ඇතුළු අමු ද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යෑම නිසා නීති විරෝධී මත්පැන් මිල මෙලෙස වැඩිවී ඇති බව සුරාබදු ආරංචි මාර්ගවලින් පැවැසේ.