අනුරට ඉන්දියාවේ යන්න බැරිද ?


සුනිල් හඳුන්​නෙත්ති අසයි

ප්‍රියන්ත කොඩිප්පිලි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරය කිරීමට ඇති බාධාව කුමක්දැයි ඔහුගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයගෙන් විමසා සිටින බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කියයි. “ඉරිදා ලංකාදීප”ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය සිය පක්ෂයට කිසිදු අමුත්තක් හෝ ප්‍රශ්නයක් හෝ නොවන බව කී හිටපු මන්ත්‍රීවරයා ජාතික ජන බලවේගයට විරුද්ධ දේශපාලන කඳවුරුවලට එම සංචාරය අරුමයක් වී ඇති බව ද සඳහන් කළේය. “ඇයි මොකද් ද ඒකෙ අවුල. ඕක මැජික් එකක් කරගන්නෙ මොකටද. අපිට නම් ඕකෙ කිසිම අවුලක්වත් අමුත්තක්වත් නෑ. අනුර සහෝදරයට ඉන්දියාවෙ යන්න බැරිද. අපි දිහා බලාගෙන ඉන්න ⁣අපේ සතුරු කඳවුරුවලට මේක මාර වැඩක් පේන්න පටන් අරගෙන” යනුවෙන් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.


ජාතික ජන බලවේගය විවිධ රටවල් සමග සබඳතා පවත්වන බව කී ඒ මහතා ඉන්දියාවෙන් ලද නිල ආරාධනාවකට අනුව පක්ෂයේ නායකයා ඇතුළු පිරිසක් මේ ඉන්දීය සංචාරයට එක් වූ බවත් ඉදිරි ජනාධිපතිවරණයේ දී බලයට පත් වෙන්නේ කවුද යන්න ගැන ඉන්දියාවට අදහසක් තිබිය හැකි බවත් කීවේය.