13 ආපසු හැරෙන්න බැරි තැනකට එයි


ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තීරණය ගැන‌ීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට නොව පාර්ලිමේන්තුවට බව සර්වපාක්ෂික සමුළුවේ දී ජනාධිපතිවරයා දැනුම් දීමත් සමග  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සියලු පක්ෂවලට සිදුව ඇතැයි වාර්තාවෙයි.


මේ සම්බන්ධයෙන් යෝජනා ලබා දීමට පක්ෂ නායකයන්ට තවත් සති දෙකක කාලයක් ජනාධිපතිවරයා විසින් ලබාදී තිබේ. එම යෝජනා විශ්ලේෂණය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය අනුකමිටුවකට බලය ලබා දී තිබේ. 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත සහ ප්‍රසන්න රණතුංග මහත්වරු මෙම කමිටුවට ඇතුළත් වෙති.  එම කමිටුව ලබා දෙන යෝජනාවලිය පාර්ලිමේන්තුව වෙත යොමු කර මන්ත්‍රීවරුන්ගේ තීරණය ලබා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ. 


කෙසේ වුවද පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති බවද යම් අයෙකු පොලිස් බලතල ඉල්ලන්නේ නම් එයද මෙම ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම පිණිස කරන කටයුත්තක් බවද ජනාධිපතිවරයාගේ අදහස වී ඇතැයි වාර්තා වෙයි.