‘නීතිය හා සාමය ඇමැතිකම වෙනස් වෙනවා’ - අමරවීර



 
චන්ද්‍රසේන ගමගේ
 
අග්‍රාමාත්‍යවරයාට ලබා දුන් නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍ය ධූරය ඊළඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී වෙනස් වෙන බවත් එම අමාත්‍යාංශය අපක්ෂපාති හා රටේ වංචාවවට දූෂණයට එරෙහි වන පාතලයත් මත්ද්‍රව්‍ය වංසගතයත් මැඩලිය හැකි පුද්ගලයකුට හිමිවිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (2) අගුණකොළපැලැස්සේ දී පැවසීය. 

ඉන්දිය ආධාර යටතේ ඇමැතිවරයාට ලැබුණු පාපාදි 1000 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභි පවුල් වලට බෙදා දීමේ උත්සවයෙන් පසුව ඇමැතිවරයා එසේ කීවේය.

පසුගියදා සිදුවු කැබිනට් සංශෝධනය තමන් බලාපොරොත්තු වූ ආකාරයෙන් වෙනසක් සිදු නොවු බවයි. අපි මීට වඩා වෙනසක් කැබිනට් සංශෝධනයේ දී බලාපරොත්තු වුණා. නමුත් පක්ෂයේ තීන්දු තීරණ වලට හා ජනාධිපති තුමාගේ තීරණ වලට අපි ගරු කරනවා.

නමුත් ජනතාව මීට වඩා යමක් බලාපොරොත්තු වුණා. යම් සාධණීය ලක්ෂණ ද එම සංශෝධනයේ දී සිදුවු බව පවසන්න කැමතියි යැයි ඇමැතිවරයා වැඩිදුටත් සඳහන් කළේය.