‘අගමැතිට ඉල්ලා අස්වීම හැර විකල්පයක් නෑ’ - වාසුදේව



    
(නිමල කොඩිතුවක්කු)

බැඳුම්කර මගඩියෙන් එල්ල වන චෝදනා හමුවේ ඉල්ලා අස්වීම හැර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට වෙනත් කිසිදු විකල්පයක් නොමැති බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විහ්වාසභංග යෝජනාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු කියා  සිටියේය.

සමාජවාදී ජනතා පෙරමුණ බොරුල්ල ඇන්. ඇම්  පෙරේරා  කේන්ද්‍රයේ අද (5) පැවැත්වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.