මුලතිව්හී අපේක්ෂකයෙක් ඡන්ද දායකයෙකුට පහර දෙයි


(රොමේෂ් මධුෂංඛ)
 
මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ අපේක්ෂකයෙකු විරුද්ධ පක්ෂ ඡන්ද දායකයෙකුට අද (10) දහවල් පහරදී ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
 
පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසූවේ අදාළ පුද්ගලයා ඡන්ද මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ ඡන්ද අ‍පේක්ෂකයා  පහරදි ඇති බවයි.
 
තුවාල ලැබු පුද්ගලයා පුදුකුඩිඉරිප්පු රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර, තුවාලකරුගේ මුහුණ තුවාල වී ඇති බව පොලිසිය කියයි.
 
පොලිසිය පැවසූවේ ඡන්ද දායකයා වෙත පහරදුන් අපේක්ෂකයා මේ වන විට පලාගොස් ඇති බවත් එම අපේක්ෂකයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවයි.