මැතිවරණයේ පොලිසියේ සහයට ති‍්‍රවිධ හමුදාවේ 7075


(ඉන්දිකා රාමනායක)
 
පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිසියේ සහයට ති‍්‍රවිධ හමුදාවේ 7075 දෙනෙකු යොදවන බව හමුදාව කියයි.

මැතිවරණ කොමසාරිස්වරියාගේ ඉල්ලීම මත දිවයිනේ හඳුනාගත් ප‍්‍රදේශ 155 ක් වෙත නිලධාරීන් 33 දෙනෙකු සමඟ ති‍්‍රවිධ හමුදා සාමාජිකයන් 855 දෙනෙකු පොලිසිය සමඟ යොදවා ඇති බවද හමුදා ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

තවත් ති‍්‍රවිධ හමුදා නිලධාරීන් 71 දෙනකු සමඟ සාමාජිකයින් 6220 ක පිරිසක් හදිසි අවස්ථාව සදහා යෙදවීමට  ස්ථානගත කර ඇති බවද හමුදා ප‍්‍රකාශවරයා කීය. 

ඡන්ද මධ්‍යස්ථාන හා ගන්න කිරීමේ මධ්‍යස්ථානවල  ආරක්ෂාව වෙනුවෙන් පොලිසියේ   65758 දෙනකු යොදවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.
මේ අතර ඡන්ද මධ්‍යස්ථාන 13420 ක ආරක්ෂාව පොලිසියේ   26840 ක  පිරිස යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.

ඡන්දය දිනයේ  සහ ඡන්දයෙන් පසු සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාව සහ විශේෂ කාර්ය බළකාය එක්ව පොලිස් ජංගම සංචාර 3225 ක් කි‍්‍රයාක්මක කරන අතර ඒ වෙනුවෙන්  පොලිසියේ 13552 දෙනෙකුගේ සමන්විත පිරිසක් යොදවා ඇති බවද පොලිසිය කියයි. 

ඡන්ද මධ්‍යස්ථාන  වෙනුවෙන් එක් ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා ආයුධ සන්නද්ධව පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු යොදවා ඇති අතර  සෑම ඡන්ද මධ්‍යස්ථාන තුනක් ආවරණ වන පරිදි ද පොලිස් ජංගම  පොලිස් ජංගම සංචාර 3 කි‍්‍රයාත්මක වේ.

එක් ජංගම සංචාරයක් වෙනුවෙන් පොලිස් පරීක්ෂකවරයෙක්,  පොලිස් සැරයන්වරයෙක්,  කොස්තාපල්වරයෙක් සහ සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙක් යොදවා ඇති බවත් හඳුනාගත් ප‍්‍රදේශ කිහිපයකට පමණක් එම ජංගම සංචාර කටයුතු වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙදෙනෙක් යොදවා ඇති බවද පැවසේ.

පොලිස්  ජංගම සංචාර වලට අමතරව  ප‍්‍රදේශ කිහිපයක සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පමණක් කි‍්‍රයාත්මක ජංගම සංචාර 99 ක් කි‍්‍රයාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.