(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ දිස්ත්‍රික්ය තුළ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අද(28) වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් පිළිබඳ පැමිණිලි 28 ක් වාර්තාවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය පවසයි.
ඒ අතර පොත් ප්‍රදානය කිරිම්, පොල් පැල ප්‍රදානයන්, කුකුළු පැටවු , ගෑස් සිලින්ඩර්, නිවාස ආධාර ප්‍රදානයන් පිළිබදව හා පොල්ස්ටර් ඇලවීම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මන්ත්‍රි රංජිත් අලුවිහාරේ හා රෝහිණි කවිරත්න, පළාත් සභා මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් මැතිවරණ කාර්යාලය වෙත පැමිණිලි කර ඇතැයි වාර්තාවේ.
එම සිද්ධින් පිළිබදව අදාළ පොලිස් ස්ථාන දැනුවත් කර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදු කිරිමට ගිය භාණ්ඩ ප්‍රදානයන් වළක්වා ලීමට අවශ්‍ය පියවර ගත් බව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා සදහන් කළේය.