බෙලිඅත්තේ පොහොට්ටු අපේක්ෂකයකුගේ නිවසකට ගල් ප්‍රහාරයක්


 

(චන්ද්‍රෙස්න ගමගේ සහ අනීෂා මානගේ)

මෙවර මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ නිවසට ඊයේ(07) රාත්‍රී නාදුනන පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි.

බෙලිඅත්ත ගලගම දකුණ කරගහවෙල ප්‍රදේශයේ පදිංචි විලියම් වන්නිආරච්චි නම් මෙවර මැතිවරණයට නාකුළුගමුව කොට්ඨාසයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාගේ නිවසට මෙලෙස ගල් ප්‍රහාරය එල්ල වී ඇත. 

එයින් නිවසේ ජනෙල් කිහිපයකට හානි සිදු වී තිබේ. රාත්‍රී 11.00ට පමණ මෙම ප්‍රහාරය සිදුවී ඇතැයි නිවැසියන් පවසයි.