බුලත් කොලේ අයෙක්ට පහර දුන් පොහොට්ටුවේ අයෙක් අත්අඩංගුවට



 
(අමල් වික්‍රමරත්න)
 
ගාල්ල චීන කොරටුව ප්‍රදේශයේ දී ඇතිවූ බහින් බස් වීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  ආධාරකරුවකුට පහරදීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අපේක්ෂකයකු අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 28 වනදා රාත්‍රී 11.15 මෙම සිදුවීම සිදුව ඇතත් අදාළ සැකකරු  අත්අඩංගුවට ගෙන නොතිබිණි.

පොහොට්ටුවේ අපේක්ෂකවරයා අද (30) පොලිසියට භාර වී ඇති අතර පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.