පොහොට්ටුවේ නවගත්තේගම අපේක්ෂකයෙක් අත්අඩංගුවට



 
(ජුඩ් සමන්ත සහ ජයරත්න වික්‍රමාරච්චි)

මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නවගත්තේගම ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකුව නවගත්තේගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

නවගත්තේගම - ගාමිණීපුර ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 58 ක් තිබී ඇත.

සැකකරු නවගත්තේගම - ගාමිණීපුර පදිංචිකරුවෙකි.

සැකකරුව ආණමඩුව මහේස්ත්‍රාත් අ‍ධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.