පොලොන්නරුවේ 10000කට තාවකාලික හැඳුනුම්පත්


ක.ග කරුණාරත්න
 
මෙවර පළාත් පාලන මැතිවරණයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජාතික හැඳුනුම්පත් නොමැති ඡන්දදායකයින් 10000 කට තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී රංජිත් ආරියරත්න මහතා පවසයි.
 
මේ වන විට තාවකාලික හැඳුනුම්පත් 5000 ක් නිකුත් කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළදී ඉතිරි හැඳුනුම්පත් ප්‍රමාණය නිකුත් කිරීම්ට නියමිත බවද ඒ මහතා කීය.
 
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් තේරීම්භාර නිලධාරීවරයා මේ බව පැවසීය.