(චන්ද්‍ර සේන ගමගේ)
පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කටුවන ප්‍රදේශයේ ක්‍රියාකාරිකයකුට අද (15) දහවල් මිද්දෙනිය නගරයේදී කිසියම් පිරිසක් විසින් පහර දෙනු ලැබ ඇත.
ඉන් තුවාල ලැබූ ලසන්ත වීරසිංහ මහතා මේ වන විට මිද්දෙනිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි.
කටුවන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ ආරියදාස විරසිංහ මහතාගේ පුත්‍රයකු වූ ලසන්ත වීරසිංහ මහතා පසුගිය රජයේ හිතවාදියකු විය.