(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ අතුපාරය කොට්ඨාසයේ ජනතා විමුක්ති පෙරමුණට අයත් කාර්යාලයක තිබූ බැනර් කටවුට් හා කොඩි ගිනිතබා කපා දමා විනාශ කොට ඇතැයි දඹුල්ල පොලිසියට අද (1) පැමිණිල්ලක් ලැබී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් පැවසුවේ තම කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට තිබූ මෙම දේපළවලට කවුරුන් විසින් හානි කළේ දැයි යන්න නොදන්නා බවයි.
දේශපාලන අන්තවාදීන් මෙම විනාශය සිදු කර ඇති බව ඔවුහු පවසති.