ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලැබෙන තෙක් ආණ්ඩුව දිගටම පවත්වාගෙන යෑමට අද දහවල් ජනාධිපතිවරයා උපදෙස් දුන් බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තිලංග සුමතිපාල මහතා - ඊයේ රාත්‍රී නිවේදනයක් ගැන මගෙන් ඇසුවා. ඒ ප්‍රකාශනය සත්‍යයක්. ජාතික රජයේ හවුල්කාර පක්ෂයක් වෙන එක්සත් ජනතා සන්ධානය ජාතික ආණ්ඩුවක් හැදුවා.
ඉන් ඉවත් වෙන්න අපි ජනාධිපතිවරයාගේ අවසර ඉල්ලුවා. ජනපති අපේ පක්ෂයේ සභාපති විදියටයි අපි ඉල්ලුවේ. ජනපති අපිට කිව්වේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ 2015 සැප්තැම්බර් ප්‍රකාශ කළ ජාතික රජයෙන් ඉවත්වීමත් සමඟ රටේ ස්ථාවර භාවයට ගැටළුවක් වෙන්න පුලුවන් කිව්වා. එවැනි අවස්ථාවක් ඇති වුණොත් නීතිපති සමඟ සාකච්ඡා කරලා මොකද කරන්නේ කියන්නම් කිව්වා.
නීතිපතිවරයා කිව්වේ ජාතික රජයක් නොවන අවස්ථාවක මේ ගැන පැහැදිලි කිරිමක් කරන්න බෑ කියලා. මේ පිළිබඳ සුප්‍රිම් උසාවියෙන් මත විමසීමක් කරන්න පුළුවන් ජනපතිට පමණයි. මේ ගැන ජනපතිට සුප්‍රිම් උසාවියෙන් විමසන ලෙස නීතිපති දැනුම් දී තිබුණා. ඊයේ රාත්‍රී තිබුණේ එම තත්ත්වයයි.
අද දවල් යළිත් එක්ස්ත් ජනතා නිදහස් සන්ධානය කැඳවලා යළි සාකච්ඡා කළා. ජනපතිගේ ඉල්ලීම වුණේ සුප්‍රිම් උසාවියේ පිළිතුරු ලැබෙන කම් රටේ තත්ත්වය ඒ ආකාරයෙන් පවත්වාගෙන යා යුතු බවයි. සන්ධානයේ කවුරුත් අද උදේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තිබුණේ නෑ. “ යයිද තිලංග සුමතිපාල මහතා පැවසීය.