(රොමේෂ් මධුෂංඛ)
යාපනය වඩුක්කොඩ්ඩෙයි මූලායි ප්‍රදේශයේදී දෙමළ විමුක්ති සන්ධානයට අයත් අධාරකරුවන් තිදෙනෙකු ඡන්ද පෝස්ටර් අලවමින් සිටියදී ඡන්ද පොස්ටර් 396 ක්ද සමගින් අද (7) අළුයම අත්අඩංගුවට ගත් බවට වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි.
මූලායි ප්‍රදේශයේ මාර්ගයක ඡන්ද පොස්ටර් අලවමින් සිටි සැකකරුවන් තිදෙනා පැමිණි යතුරුපැදි දෙකක් ද සමගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් ආනන්ද සංගරීගේ නව පක්ෂය වූ දෙමළ විමුක්ති සන්ධායේ ආධාරකරුවෝ පිරිසක් වෙති.