ඡන්ද නීති කැඩීයැයි අපේක්ෂිකාවගේ සැමියා අත්අඩංගුවට


රෝවන් පෙරේරා  
 
මැතිවරණ නීති උල්ලංඝණය කරමින්    ධාවනය කළ  හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය කියයි.
 
මෙවර පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණමඩුව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වන අපේක්ෂිකාවකගේ පෝස්ටරයක් ගැසූ මෝටර් රථය අපේක්ෂිකාව නොමැතිව ඇගේ සැමියා විසින් පදවමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
 
රියදුරු සහ මෝටර් රථය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.