ඡන්ද දායකයින්ට සිසිල් බීම බෙදු අයෙකු පුත්තලමේදී අත්අඩංගුවට


පුත්තලම - ජූඩ් සමන්ත.

ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ ඡන්ද දායකයින්ට සිසිල් බීම බෙදා දෙමින් සිටි අයෙකුව පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (10) දහවල් පුත්තලම - තිල්අඩිය,රිශාඩ් බදුර්දීන් මහා විද්‍යාලය ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි අයෙකි.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.