ගාල්ලේ පොහොට්ටුවේ අපේක්ෂකයක්ට මැර ප්‍රහාර


(සුමතිපාල දීයගහගේ) 

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කොට ජයග්‍රහණය කළ ගාල්ල හිටපු මහ නගරාධිපතිවරයකු වන කැලුම් සෙනෙවිරත්න මහතා ඇතුළු ඔහුගේ සොහොයුරන් දෙදෙනෙකුට නිවසට කඩා වැදී පහර දී ඇති බව පොලිසිය පවසයි.  

තුවාල ලැබූ සොහොයුරන් දෙදෙනා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ප්‍රහාරයෙන් කැලුම් සෙනෙවිරත්න මහතාගේ එක් අතක ඇගිලි දෙකකටද තුවාල සිදුවී ඇත. 

කඩු පොලු රැගෙන නිවසට කඩා වැදුණු සිව් දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම ප්‍රහාරය සිදු කළ බවත් ඒ අතර කාන්තාවන් දෙදෙනෙක් ද  සිටින බව ද ඔහු කියයි.

පරාජයෙන් වියරු වැටී සිටින එක්සත් ජාතික පක්ෂයේ එක් අපේක්ෂකයකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය සිදු කළ බවද ඔහු පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල මහ නගර සභා කණ්ඩායම මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කැලුම් සෙනෙවිරත්න මහතාගේ නායකත්වය යටතේ තරග කළේය.

 ප්‍රහාරයට පැමිණි පිරිස රැගෙන පැමිණි කඩු පොලුද දමා පලා ගිය බවද වාර්තාවේ.