(රංජිත් රාජපක්ෂ)
හැටන් ලංගම ඩිපෝවේ කොන්දොස්තර තනතුරු දෙකක් සදහා පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණීල්ලක් කර ඇත.
නාරාහේන්පිට ලංගම ප‍්‍රධාන කාර්යාලයේ ප‍්‍රධාන මානව සම්පත් කළමනාකාරවරයා විසින් 2018.01.03 වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි මෙම පත්වීම් ලබා දි ඇති බවත් එම පත්වීම් ලබා ගත් කොන්දොස්තරවරුන් දෙදෙනා අද (3) හැටන් ලංගම ඩිපෝවට සේවයට වාර්තා කළ බවත් හැටන් ලංගම ඩිපෝවේ උසස් නිලධාරියකු පැවසීය.
ලංගම ගම්පොළ ප‍්‍රාදේශිය කාර්යාලයේ ප‍්‍රාදේශිය කළමනාකාරවරයාගේ උපදෙස් පරිදි එම සේවකයන් දෙදෙනා අද සිට පුහුණූවිම් කටයුතු සදහා යොදවා ඇති බවත් හැටන් ඩිපෝව කියා සිටී.