(අනීෂා මානගේ)
තංගල්ල පලපොත කොට්ඨාශයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ නිවසට පැමිණි නාදුනන පිරිසක් විසින් අපේක්ෂකයාගේ සොහොයුරාට කඩුවකින් පහර දී තුවාල සිදු කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
අද(13) අළුයම 3.00ට පමණ මෙම පහරදීම සිදු වී තිබේ. මැතිවරණ අපේක්ෂකයාගේ නිවස ඉදිරිපස කොස් ගසක සවිකර තිබූ ඔහුගේ ප්‍රචාරක පුවරුවක් කිසියම් පිරිසක් විසින් අද අළුයම ගලවා ඇති අතර මේ පිළිබදව විමසීමට අපේක්ෂකයාගේ සොහොයුරන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ ඇත. පැමිණි පිරිස අපෙක්ෂකයාගේ වැඩිමහල් සොහොයුරාට(65) කඩුවකින් පහර දී පලා ගොස් ඇත. ඔවුන් එ.ජා.ප. අපේක්ෂකයාගේ ප්‍රචාරක පුවරු දෙකක් පුළුස්සා අපෙක්ෂකයාගේ නිවසට මීටර දෙසීයක් පමණ දුරින් දමා ගොස් තිබියදී සොයාගෙන ඇත.
තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සදහා තංගල්ල මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.