පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප‍්‍රතිශතය 40%යි.
පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති සැබැ ඡන්ද ප‍්‍රතිශතය 40% ක් බවත් ඇතැම් මාධ්‍ය ආයතන මගින් ප‍්‍රකාශ කළ පළාත් පාලන ආයතනවල ජාතික ප‍්‍රතිශත ගණනයන් වැරදි ඇති බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර සිටියි.
අමාත්‍යවරයාගේ නිවේදනයට අනුව
පොදුජන පෙරමුණේ සැබෑ ජාතික ප්රතිශතය : 40.66% ක් බවත් එය මාධ්‍ය ආයතනවලට අනුව : 44.65% වු බවද
එජාපයේ ජාතික ප්රතිශතය : 29.40% ක් බවත් මාධ්‍ය ආයතනවලට අනුව : 32.63% ක් වු බවත් ශ‍්‍රිලනිප හා එජනිස ප‍්‍රතිශතය : 12.38% උවද එය මාධ්‍ය ආයතනවලට අනුව : 13.38% ක් ලෙස දක්වා ඇති බවද සඳහන් කර තිබේ.
ජවිපෙ ප‍්‍රතිශතය : 5.8% උවද මාධ්‍ය ආයතනවලට අනුව : 6.27% ක් උබවද සඳහන් කර ඇත.
නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.
ජනවාරි 8 ජනවරම හා ආණ්ඩුවේ අනාගතය.
මෙහිදී වැදගත් වන්නේ ආණ්ඩු හැදීමට කතා කරනා මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ 40%ක් පමණක් වීමයි.
මේ අනුව ගත් කළ එජාප හා ජනාධිපතිතුමාගේ ශ‍්‍රිලනිපය සහිත ජාතික සභාග ආණ්ඩුවට අයත් පක්ෂවලට 42%ක් ලැබී ඇති අතර, පසුගිය ජනාධිපතිවරණයේදී හංසයා ලකුණ යටතේ එක්වූ පක්ෂවලට 51%ක් ඡන්ද ලැබී ඇත.
මේ අනුව තවමත් 2015 ජනවාරි 08 ජනවරමෙන් ජනතාව ඈත්වී නැති බව පැහැදිලිය. දැන් අවශ්‍යව ඇත්තේ ප‍්‍රධාන පක්ෂ දෙක එකතු කරන කඩිනම් ජාතික වැඩපිළිවෙලක් හා සෙසු සහායක පක්ෂවලට ගැටුම් ඇති නොවන ක‍්‍රියාමාර්ග ගැනීමය. යනුවෙනි.
- 044