අයෙක් පැති දෙකකින් ආවාට පෙත්සමක්


( තිළිණි  ද සිල්වා ) 
 
අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ජනසෙත පෙරමුණෙ   නාමයෝජනා ලැයිස්තු දෙක බලරහිත කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇතුළු තිදෙනෙක් අද (5) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළහ. 
 
එම පක්ෂ දෙක සඳහා එකම අයෙක් තරග කරන බවත් එය පළාත් පාලන මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් බවත්, එම ප්‍රාදේශීය සභාවට තරග කරන මන්ත්‍රීවරුන් තේරී පත් වූවන් ලෙසට ප්‍රකාශයට පත් කිරීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
 
 
මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස් සහ එහි සාමාජිකයෝ ද, ගම්පහ දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරියා සහ   පක්ෂ දෙකේ සියලුම මැතිවරණ අපේක්ෂකයන් ඇතුළු 109 ක් නම් කරනු  ලැබ සිටිති.