(නිශාන්ත කුමාර)
මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේදී මිනිපේ ප්‍රාදේශීය සභාව සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට එකම පවුලක සහෝදරයින් දෙදෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකක් නියෝජනය කරමින් එකිනෙකාට එරෙහිව මැතිවරණ සටනට ඉදිරිපත්ව සිටිති.
මේ දෙදෙනාගෙන් බාල සහෝදරයා වන ජේ එම්. යු. ඩබ්. නිමල් බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂය යටතේ හසලක අංක 7 කොට්ඨාසය සඳහා තරග කරන අතර එම කොට්ටාසයේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයා ලෙස වැඩිමහල් සොයුරා වන ජේ එම්. යු. ඩබ් සිරිල් ජයසිංහ මහතා ඉදිරිපත්වී සිටියි.
බාල සොයුරා වන නිමල් බණ්ඩාර මහතා ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ සේවකයකු වන අතර ඔහු හසලක ගොවි සංවිධානයේ සහ ප්‍රජා ජල ව්‍යාපෘතියේ හිටපු සභාපතිවරයාද වෙයි.
වැඩිමහල් සොයුරු සිරිල් ජයසිංහ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 22ක සේවා කාලයකින් පසු විශ්‍රාම ලැබු මණ්ඩලික සැරයන් වරයෙකි.