තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී අපේ තිදෙනකුට ලෝකඩ පදක්කම්


(ටී.කේ.ජී.කපිල )

තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිව් දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම සම්මේලනය තායිලන්තයේ , හයෝමි නුවර පැවැති අතර ඊට ලෝකයේ රටවල් 44 ක තරුණ විද්‍යාඥයන් 1,400 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් 04/05 දින සිට 04/11 පැවැත්විණි .

එහිදී මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ කවීෂ නෙත්සර සිසුවා ඉදිරිපත් කළ විවිධ මත්ස්‍යයන්ට ජීවත් වීමට සුදුසුම පරිසරය , විද්‍යාත්මක ක්‍රමවේදයකින් සොයා දෙන පර්යේෂණයට ලෝකඩ පදක්කමක් හිමි වී තිබුණි .

එසේම කුරුණෑගල මලියදේව විද්‍යාලයයේ මහසෙන් දොඩංගොඩ සහ රෙහාන් ජයකොඩි සිසුන් එක්ව ඉදිරිපත් කළ , කපා ඉවත් කරන කෙසෙල් අල වලින් මිනිස් සිරුරට පෝෂ්‍යදායී කිරිපිටි වර්ගයක් නිෂ්පාදනය කරන පර්යේෂණයට ද ලෝකඩ පදක්කමක් හිමි වී තිබුණි .

එමෙන්ම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයයේ තෙව්මලී පියදාස සිසුවිය ඉදිරිපත් කළ , දැනට අප පරිසරයට මිශ්‍ර වී ඇති පොලිතීන් පරිසරයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදය ඇතුලත් පර්යේෂණ නිබන්ධය සදහා ද ලෝකඩ පදක්කමක් හිමි වී තිබුණි .