
(දිනේෂ් සමරකෝන්)
හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා නිර්මාණය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දුර්වල කිරීම නිසා එහි විපාක හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට විඳීමට සිදුව ඇති බව ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ මුණුපුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා පැවසීය.
කොළඹ ජේ.ආර්.ජයවර්ධන මධ්‍යස්ථානයේ දී පැවති මෙරට පළමු විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 119 වැනි ජන්ම දින උත්සවය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එම අවස්ථාවේදී ප්‍රදීප් ජයවර්ධන මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"අපේ වටේ තිබෙන අනිත් රටවල් වල ඇති තත්ත්වය අපි දකිනකොට අපි හැමදෙනාටම තේරෙනවා එතුමා හදපු ව්‍යවස්ථාව නිසා අද අපේ රටේ කිසියම් ප්‍රශ්නයක් තිබුනත්, අපි ඒකෙන් ආරක්ෂා වෙලා ආණ්ඩු ක්‍රමය කැඩී බිඳී යන්නේ නැතිව පවත්වාගෙන යන්න පුලුවන්. ඒක අපි අගය කරන්න ඕනී. ඒ වගේම මේ ව්‍යවස්ථාව දුර්වල කලා නම් ඒ දුර්වල කිරීම නිසා අද හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් ඒ දුර්වල කිරීමේ විපාකය විඳිනවා. ඒකෙනුත් අපිට පාඩමක් තිබෙනවා. එතුමා හදපු ශක්තිමත් ව්‍යවස්ථාව හා ශක්තිමත් ආණ්ඩුක්‍රමය අප ආරක්ෂා කර ගත යුතු බව."
(ඡායාරූප: ගයාන් අමරසේකර)





