”වැලිකඩ සෝදිසිය මෝඩ වැඩක්”


වැලිකඩ බන්ධනාගාරයට පොලිසිය ඇතුළු වීමෙන් මීට පෙර ගැටුමක් වී තිබියදීත් හමුදා හා පොලිසිය යොදවා එහි සෝදිසි කිරීම් නිලධරයන්ගේ මෝඩකම පෙන්වන ක‍්‍රියාවකියි ජනතා විමුක්ති පෙරමුණ කියයි. බන්ධනාගාරයේ මත්කුඩු, ජංගම දුරකතන ඇතුළු නීති විරෝධී දේ වැළැක්වීමට එම මාර්ග වසා දැමිය යුතු බවත්, සිවිල් කටයුතුවලට මෙන්ම බන්ධනාගාරයට හමුදාව යෙදවීම නරක ප‍්‍රතිඵල ඇති කරන ක‍්‍රියාවක් බව ද රජය මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන බවක් පෙනේ යැයි දූෂණ හා නීති විරෝධී භාණ්ඩ සෙවීමට ගොස් ජීවිත රැසක් නැතිකර ඇතැයි ද මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි ද ජවිපෙ කියයි.