”වගා රක්ෂණෙන් ගොවියාට වදී”
රුපියල් 350කට යූරියා පොහොර මිටියක් මිලට ගන්නා විටදී රුපියල් 150ක වගා රක්ෂණයකට අනිවාර්යයෙන්ම දායක වන්නට මෙවර අයවැයෙන් ගොවීන්ට සිදුවී ඇතැයි ද, මෙය ගොවියා කබලෙන් ළිපට ඇද දැමීමක් යැයි ද ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
මෙම කාරණා නොකියා ගොවීන්ට රක්ෂණ අරමුදලක් පිහිටුවන බව කියා රජය සිදුකර ඇත්තේ තනිකරම ආර්ථික ඇස්බැන්දුමක් යැයි එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රවෘත්ති සාකච්චාවකදී කීය.
රක්ෂණ අරමුදලක් පිහිටුවිය යුත්තේ වගා කරන බිම් ප‍්‍රමාණයට මිස වගාවට යොදන පොහොර ප‍්‍රමාණයට නොවන්නේ යැයි ද සඳහන් කළේය.

