”මම මැරුණ කෙනෙක්”


යෝෂිණී උමංගා අබේසේකර රඟපෑමේ ක්ෂේත‍්‍රයට අමුත්තියක වුවද දැන්වීම් කලාවට නම් අමුත්තියක නොවෙයි. දැන්වීම් නිරූපණ ශිල්පිණියක ලෙස නිතර ඇගේ රුව රූපවාහිනියෙන් දැක ගත හැකියි. නමුත් ඇය වෘත්තියෙන් පුංචි ටීචර් කෙනෙක්. ඒ කියන්නෙ ජාත්‍යන්තර පෙරපාසලක ගුරුවරියක්. ඒත් යෝෂිණී ගැන අද වැඩි දෙනා කතා වන්නේ ”කේ සෙරා” චිත‍්‍රපටය නිසයි. කේ සෙරා හැඩ කරන යෝෂිණී අද සැඳැල්ලේ හැඩකාරියයි.


sandalla-ke-shaa-01

0101 ”යෝෂිණී” මොකක්ද මේ නමේ තේරුම?
sandalla-ke-shaa-03මට ඒ නම දැම්මෙ ජපානයේ සිටින මගේ ”ලොකු අම්මා” හරියටම එහි තේරුම දන්නෙ නැහැ. ඒත් දැන ගත්ත විදියට ”ආලෝකය” යන්න එහි තේරුමලූ. ඒත් මම හරියටම ඒ ගැන දන්නෙ නැහැ.


0101 පවුලේ විස්තර ගැන එහෙම කිව්වොත්?
අම්මයි, තාත්තයි මල්ලියි මමයි විතරයි. තාත්තා ජීවතුන් අතර නැහැ. මම කුඩා කාලයේ ඉඳලාම හැදුණේ ආච්චි අම්මා එක්ක. අදටත් මම ඉන්නෙ ආච්චි අම්මා ළඟ.


0101 කොහොමද කලා ක්ෂේත‍්‍රයට ආ විදිය?
මම ඉගෙන ගත්තෙ කොළඹ කාන්තා විද්‍යාලයෙන්. ඉන්පසුව නිරූපණ අංශයට එක් වුණා. නිරූපණ අංශයේ සිටියදී තමයි, රූපවාහිනී දැන්වීම්වලට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණෙ.


0101 ඒ විදියට හඳුනාගත්ත ඔබට බොහෝ දෙනා කියන්නෙ ”යෝෂි” කියලා නේද?
ඔව්, හැමෝම වගේ කියන්නෙ එහෙමයි.

sandalla-ke-shaa
0101 එහෙම නම් යෝෂි මේ ඔබගෙ පළමු චිත‍්‍රපට රංගනය නේද?
ඔව්


0101 කොහොමද මේ චිත‍්‍රපටයට සම්බන්ධ වුණේ?
පරාක‍්‍රම ජයසිංහ කියන්නෙ අපේ ලොකු මාමා. මේ චිත‍්‍රපටයෙ පිටපත ලියමින් සිටි කාලයේදීම මාමා මගෙන්, මෙහි චරිතයක් රඟපාන්න පුලූවන්ද කියලා ඇහුවා. නිතරම වගේ මාමා මගෙන් ඒ ගැන විමසුවා. මේ චිත‍්‍රපටය රූගත කළේ මීට අවුරුදු කීපයකට පෙරදීයි. ඉතින් එදා මම රස්සාවක් කළෙත් නැති නිසා රඟපෑමට වෙලාවක් තිබුණා.


0101 දැන් ඔබ ගුරුවරියක්? ඒ ගැන කිව්වොත්?
 ඕවර්සීස් ජාත්‍යන්තර පාසලේ පෙරපාසල් ගුරුවරියක ලෙස කටයුතු කරනවා. ඉතින් දැන් ඉස්සර වගේ ලොකු නිදහසක් නැහැ.


0101 ”කේ සෙරා” කියන්නෙ?
ස්පාඤ්ඤ ගීතයක්, කේ සෙරා, සෙරා - සෙරා "ever will be will be" කියන්නෙ පෙනෙන දේ වෙනවා නම් ඒ දේ වේවි කියන එකලූ.


0101 ඔබත් ඒ වගේ ද?
නැහැ, මම නම් එහෙම නැහැ. හොඳට හිතලා බලලා වැඩ කරන්නෙ.


0101 රඟනොපෑවට ඔබ හරි ජනප‍්‍රියයි නේද?
දැන්වීම්වලට පෙනී සිටි නිසයි.


0101 ඔබ පෙනී සිටි ජනප‍්‍රිය වෙච්ච දැන්වීම් මොනවාද?
කාගිල්ස්, විවා ඒ වගේ හොඳ වෙළෙඳ නාම යටතේ වූ දැන්වීම් කීපයකට පෙනී සිටියා. ඇත්තෙන්ම ඒවට පෙනී සිටියෙත් හරියට තෝරා බේරා ගෙනයි. එහිදී වැඩිපුරම පෙනී සිටියේ මවගේ චරිතයටයි.


0101 ”කේ සෙරා” චිත‍්‍රපටයේ ඔබගෙ චරිතය ගැන සඳහන් කළොත්?
මෙහි රඟපාන්නෙ ”සැමැන්ටා” ලෙසයි. සැමැන්ටා මැරුණු කෙනෙක්. ජීවත්ව සිටින අය එක්ක සම්බන්ධයක් ඇති බව පෙන්වනවා. මේ චිත‍්‍රපටය නැරඹුවොත් ඔබට ඉතිරි ටික දැන ගන්න පුළුවනි. හරිම රසවත්-කුතුහලය සහිතව ගලා යන කතාවක්. හොල්මන් පෙන්වලා මිනිස්සු බය කරන්න කළ චිත‍්‍රපටයක් නොවෙයි.


0101 ජීවිතය ගැන ඔබ සැබෑවට හිතන්නෙ කොහොමද?
බරපතළව ජීවිතය ගැන හිතන්නෙ නැහැ. ඉදිරියට ජීවිතයෙ ගොඩාක් දේ සැලසුම් කරගෙන ඉන්න බව ඇත්ත. ඒත් පොඩි දේ ලොකු කරගෙන ජීවත් වෙන්නෙ නැහැ.


0101 චිත‍්‍රපටයක රඟපෑම සහ දැන්වීම්වලට පෙනී සිටීම මොන වගේ වෙනසක්ද තියෙන්නෙ?
චිත‍්‍රපටියක රඟපෑම හරිම වෙනස් අත්දැකීමක්. නමුත් දිල්හානි, නීටා ප‍්‍රනාන්දු වැනි ප‍්‍රවීනයින් මෙන්ම රාජගුරු අංකලූත් මට ගොඩාක් දේ කියලා දුන්නා.


0101 සැමැන්ටා සහ ඔබ අතර වෙනස?
sandalla-ke-shaa-02මම ගොඩාක් නිදසට කැමති කෙනෙක්. පුළුවන් නම් කාට හරි උදව්වකුත් කරලා ජීවත් වෙන්න ආසයි.


0101 ”යෝෂී” ආදරවන්තියක්ද?
ඔව්


0101 එයා?
ඉංජිනේරු අංශයේ නිරතයි


0101 මේ ඔබ කළ දේවල්වලට අමතරව වෙන මොනවටද දක්ෂ?
ඒ දිනවල පාසල් ගීතිකා කණ්ඩායමේ හිටියා. නමුත් දැන් නම් ඉතින් පෙරපාසලේ ළමුන් එක්ක තමයි ගීත ගයන්නෙ.


0101 ”ආජාරේ” ගීතය ඔබට හොඳට ගයන්න පුළුවන්ලූ නේද?
පැරණි ගීතවලට කොහොමටත් මම ආසයි. ඒ වගේම ගසල් ගීතවලටත් ආසයි. ආජාරේ ගීතය ලස්සනට ගයන්න බැහැ. නමුත් ලතා මංගේෂ්කාර් ගයන ඒ ගීතයට මම ගොඩාක් ආසයි.


0101 කේ සෙරා සමග තවත් චරිත රඟපෑමට ආරාධනා ලැබුණා ද?
ලැබුණා. නමුත් කේසරා වගේ අමුතු කතා සහිත සමාජයට පණිවුඩයක් දෙන චිත‍්‍රපටවලට විතරයි මම කැමති.

 

sadun-gamage