බුද්ධගමට නිගා වන හා අපහාස වන අයුරින් ”බුද්ධ බාර්” නමින් සාදයක් පැවැත්වූ බව කියන අලූත්ගම මොරගල්ල සිනමන් බීච් හෝටලයේ කළමනාකරුවෝ දෙදෙනෙක් කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
එහි කළමනාකරුවන්වූ කඩවත ගනේමුල්ලේ යු.ඒ.ඞී, සමන් කුමාර සහ මිනුවන්ගොඩ හල්මිල්ලෑවේ පදිංචි මොහොමඞ් ෆලීල් එම දෙදෙනාය.
සාදය පැවැත්වෙමින් තිබියදී 21 වැනිදා එහි පැමිණි බොදු බල සේනාවේ භික්‍ෂූන් වහන්සේ සාදය වැළැක්වූහ.
බේරුවල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මාගල්කන්දේ ධම්මානන්ද හා හැඩිගල්ලේ විමලසාර යන හිමිවරු ඉකුත් 23 වැනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප‍්‍රසාදය පළ කළහ.

