”බැරිම වැඩේට ලක්ෂ 40ක් අරන්”


කොළඹ පාසල් කිහිපයකට දරුවන් ඇතුළු කර දෙන බව කියමින් මවුපියන්ගෙන් රුපියල් ලක්ෂ 41කට ආසන්න මුදලක් වංචා කළැයි ගල්කිස්ස හුලූදාගොඩ පාරේ මිචෙල් ටී. වැන්ඩොට් නම් කතක ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය විසින් ලබන දෙවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
බම්බලපිටිය ශාන්ත පීටර හා කොළඹ රාජකීය විදුහල්වලට දරුවන් ඇතුළු කර දෙන බව පවසා ඇය මේ මුදල් වංචා කළැයි උසාවියේදී කියැවිණි. දෙදෙනකුගෙන් රුපියල් හය ලක්ෂය බැගින් ද, දෙදෙනකුගෙන් රුපියල් ලක්‍ෂ 11ක් හා 12ක් ද වංචා කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.