”පුදනකොටම කාපි යකා”


සමෘද්ධි ලාභීන්ගේ මුදල් රුපියල් අනූඅට ලක්ෂයක් වංචා කළැයි සැකපිට නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යේ සමෘද්ධි බැංකු නිලධරයකු ඇතුළු පහළොස් දෙනෙක් නුවරඑළිය මහ දිසාපති ඞී.කේ.ජී. කුමාරසිරි මහතා විසින් සේවයෙන් නෙරපනු ලැබූහ. ආර්ථික අමාත්‍යාංශ ලේකම් නිර්දේශ මත මෙසේ පහ කැරුණ පිරිස අතර කාන්තාවෝ තිදෙනෙක් ද වෙති. සමෘද්ධි ලාභීනට ණය දෙන මුවාවෙන් 2005 සිට ඔවුන් මේ මුදල් වංචා කර ඇතැයි කියති.