”දෙයියන්ගේ අඩවියේ සද්ද බද්ද” නවත්වයි


හැටන් ශ්‍රී පාද මාර්ගයේ සීත ගඟුලෙන් ඉහළ ශබ්ද විකාශන කටයුතු අද සිට නතර කිරීමට උපදෙස් දුන් බව නුවරඑළිය දිසාපති ඞී.පී.පී. කුමාරසිරි මහතා පැවැසීය.
ඉහළ කඳුකරයේ වෙසෙන වන සතුන්ට මෙම ශබ්ද හිරිහැරයක් වන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා නුවරඑළිය දිසාපතිවරයාට දැන්වීමෙන් පසු මේ පියවර ගෙන තිබේ.
මෙම ශබ්ද විකාශන යන්ත‍්‍ර මෙහි සවි කළේ නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ එකඟතාවය ඇතිව බවද දිසාපතිවරයා සඳහන් කළේය.