“හිරුණිකා ලෝක වාර්තාවක් තියලා“


“අපි දන්නවා සිකුරාදා දිනවල පොලීසියට එන්න කිවුවොත් පොලිසියට යන්න බයයි. ප්‍රශ්න කිරීම් අවසන් වෙද්දී සවස තුන පැන්නොත් ඇප ගන්න විදියක් නෑ. “

“අහෝ පුදුමයකි සෙනසුරාදා දවසෙත් රෙජිසිටාර් කාර්යයාලය වැඩ. ඇප ලබා දෙන්න කට්ටිය වැඩ. අපිට හරි ආඩම්බරයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ලොව කෙටිම කාලයක් තුළ  ඇප ලැබූ තැනැත්තිය බව ලෝක වාර්තාවක් තිබ්බා.”

පිවිතුරු හෙළ උරුමයේ නැයක උදය ගම්මන්පිල මහතා පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධය හමුවකදී එසේ කීවේය.

තවදුරටත් ගම්මන්පිල මහතා කියා සිටියේ

“සමහර ඇමතිවරුන් ප්‍රජාතන්ත්‍රවාදීව කළු කොඩි ඔසවන්නැයි කියද්දී ඒ වෙනුවට ජාතික කොඩිය ඔසවන ලෙස කිව්වා. හැබැයි රාජිත ඇමතිතුමා කිව්වේ කළු කොඩි ඔසවන්න ආවොත් අපිත් ඒකට ප්‍රතික්‍රියා කරනවා කියලා.”

“ඒ වගේම තලතා ඇමතිනිය කිව්වා අපේ ජනාධිපතිතුමා බලයට පත් වුන දවසේ  අපි කාටවත් කළුකොඩි දාන්න දෙන්නෙ නෑ කියලා. හරීන් ප්‍රනාන්දු ඇමතිතුමා කියනවා කළුකොඩි ඔසවන අයට සුදුකොඩිත් උස්සගන්න වෙයි කියලා.”

“රටේ භීෂණ සංස්කෘතිය නිසාම වැඩි පිරිසක් ෆේස්බුක් කළුකොඩි එසෙව්වා.සමහරු කියනවා ඒකාබදිධ විපක්ෂයේ මිත්‍රයින් එකතුවුනේ නෑ කියලා.”

“සන්ධානේ දෙවනියාට වැඩිම මනාප ගත්ත ප්‍රසන්න රණතුංග, විමල් වීරවංශ මේ සියලු දෙනාම ජනවාරි 08 වැනිදා තමන්ගේ ෆේස්බුක් හැඳුනුම් පින්තූර කළුකොඩි බවට පත් කළා.”

hela IMG_7841 IMG_7845 IMG_7850 IMG_7853