“හැම යුද හමුදා නිලධාරියකුටම යුද්ධාධිකරණයට යන්න වෙන්නෑ“


අතුරුදන්වූවන් සඳහා  කාර්යාලය පිහිටුවීමෙන් අන්තිම නරක දේවල් කරපු අයට මිස හැම යුද හමුදා නිලධාරියෙක්ටම යුද අධිකරණ වලට යන්නේ වෙන්නේ නැතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (20) කොළඹදී පැවසුවාය.

යුද හමුදාවේ සමහරු හිතනවා පිහිටුවීම නියමිත අතුරුදන්වූවන් සඳහා වන කාර්යාලය  හමුදාවේ අය යුද අධිකරණ වලට ගෙන යනවා කියලා. මෙය සම්පූර්ණ වැරදි මතයක් යැයිද හිටපු ජනාධිපතිනිය එහිදී කීවාය.

යුද්ධයෙන් පීඩාවට පත් වූ වින්දිතයින්ට සහන සැලසීම වෙුනවෙන් පිහිටවූ අතුරුදන්වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම මේවනවිට අවසන් අදියරේ පවතින බවත් ඉතාමත් හොඳ සකස් කර තිබෙන ආයතනයක් ලෙස මේ වසර තුළඳී ඉතා ඉක්මනින් ක‍්‍රියාත්මක කළ යුතු බවත් හිටපු ජනපතිනිය කියා සිටියාය.

IMG_0451 IMG_0453