“අවුරුදු 40ක් තිස්සේ ජනතාව ඉල්ලූ දේශපාලන ප්‍රතිසංස්කරණ අපි මාස 10න් දුන්නා. 19වන ව්‍යවස්ථා සංශෝධනය ඉක්මනින්ම කළා. ස්වාධීන කොමිෂන් සභා නවයක් දැන් පත් කරලා තියෙනවා“යැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අද ඉමදුව නව නගර සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීවෙන් අනතුරුව කියා සිටියේය.
“මේ යටතේ ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන පොළිස් කොමිසම ඇතුළු කොමිෂන් සභා ඇති කළා. ඒ මගින් රාජ්‍ය පාලනය වඩාත් ප්‍රජාතාන්ත්‍රීය ක්‍රමයකට ගෙන ඒමට හැකි වනවා. කළින් ස්වාධීන පත්කිරීම් තිබුණේ නැහැ. ඒවා කලේ පෞද්ගලික හිතවත්කම් වලට හා බලපෑම් වලට අනුව. නමුත් අපි පාර්ලිමේන්තුවේ ඇති කරපු ව්‍යවස්ථා සභාව මගින් මෙම පත්කිරීම් කලා. දැනට තියෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා පවත්වාගෙන යන රජයක්. පසුගිය මැතිවරණයෙන් වැඩි බලයක් පක්ෂ දෙකටම ලැබුණේ නැහැ. ඒකෙන් මේ රටේ ජනතාව පෙන්නුවෙ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා මේ රට ගොඩනැගීමේ අවශ්‍යතාවය. මේ අනුව දියුණු සංවර්ධිත රටවල ගති ලක්ෂණ මැතිවරණ සංස්කෘතිය තුළ ඇති කිරීමට අපට හැකි වුණා. දේශපාලන පළිගැනීම් නැතිකර විනය ගරුක බව ඇති කළා.

