ශී‍්‍ර ලංකාවේ වෙසෙන සුළු ජාතික ජනතාවට ජාතික වශයෙන් සුදුසු තැනක් ලැබී නොමැති බව පැහැදිලිවම පෙනෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළුජාතික කටයුතු භාර විශේෂ නියෝජිතවරියක වන රීටා අයිසැක් පවසයි. ශී‍්‍ර ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටින ඇය දෙමළ ජාතික සන්ධානය අතර කොළඹ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මේ බව කීය
හමුදාව උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල වැඩි වශයෙන් රැදීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකලයුතු බවත් ඇය ප‍්‍රකාශ කර තිබේ
මීට අමතරව ශී‍්‍ර ලංකාවේ වතුකම්කරු ජනතාව මුහුණ පා සිටින ගැටළු සම්බන්ධයෙන් හා යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ජනතාවගේ අර්බුද ගැන ලබන මාර්තු මස පැවැත්වෙන 34 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී වාර්තාවක් ඉදිරිපත් කරන බව ඇය කීවාය.