“සයිටම් ලොක්කාට වෙඩිතැබීම කුමන්ත්‍රණයක්“


මාලඹේ  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප‍්‍රධානියාට වෙඩි තැබීමේ සිද්ධිය සයිටම් සටන දියාරු කිරීමේ කුමන්ත‍්‍රණයක් යැයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.

සයිටම් සටන උග‍්‍ර වී ඇති ජයග‍්‍රහණය පෙනෙමින් තිබෙන මොහොතත විවිධ කඩාකප්පල්කාරි කී‍්‍රයා සිදු වෙන බව කී ඒ මහතා සයිටම් ප‍්‍රධානියාගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද පැවැසීය.

එකී සිද්ධිය ගැන විවිධ තොරතුරු සැල වෙමින් පවතින බවත් ඒවා ඉදිරියේ දී හෙළි කරන බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය මඟින් අද (07) පැවැත්වූ මාධ්‍ය හමුවක දී වෛද්‍ය බණ්ඩාර මේ බව කීය.