“සයිටම් අහෝසි කර මිස අපහු හැරීමක් නෑ“


මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා ඇති වී ඇති තත්ත්වයට එකම විසඳුම සයිටම් අහෝසි කිරීම මිස අන් යමක් නොවන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පැවසීය.

 ‘අපි උද්ඝෝෂණය කරන්නේ අපට ඕනෑ තැන්වලයි. අපිට ඕනෑ පාරවල්වලයි. අපිව නවත්වන්න කාටවත් බෑ.‘ යැයි ද වීරසේකර මහතා කීවේය.

 සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය රුහුණ විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කළ රථ පෙළපාළිය අද පස්වරුවේ කොළඹට ළඟා විය. එම රථ පෙළපාළියෙන් අනතුරුව කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක් පවත්වමින් අන්තරයේ කැඳවුම්කරු එලෙස කීවේය.

 ‘රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුව ක්‍රියාකරගෙන යන්නේ සටියම් රකින්න නම් මීට වඩා දරුණු ක්‍රියාමාර්ගවලට යෑමට වුවත් අපි බිය වෙන්නේ නෑ. නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍යට අත තබන්න කිසිම ජගතෙකුට අපි ඉඩ තබන්නේ නැහැ.‘ යැයි ද ලහිරු වීරසේකර මහතා කීවේය.

IMG_0200 IMG_0222 IMG_0241