“සංචාරකයින්ට වීසා දෙද්දී සෞඛ්‍ය ගැනත් බලන්න“


සංක‍්‍රමණිකයින්, සංචාරකයින් හා ව්‍යාපාරිකයින් ලෙස අසල්වැසි රටවලින් මෙරටට පැමිණෙන අයගෙන් විවිධ රෝග රටට ඇතුළු විය හැකි නිසා ඔවුන්ට වීසා නිකුත් කිරීමේදී සෞඛ්‍ය තත්ත්වය ගැන සොයාබැලීමේ නීති රීති දැඩි කළ යුතුයැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය ආදියත් එලෙස රටට පැමිණිය හැකි බවත් ආගමන විගමන කටයුතුවලදී වඩා සැලකිලිමත් විය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

උතුරෙන් අලූත් මැලේරියා මදුරුවෙක් සොයාගෙන ඇති බව මාධ්‍ය මගින් වාර්තා කර ඇතැයි කී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව මැලේරියාවෙන් නිදහස් රටක් වුවත් සංක‍්‍රමණිකයින්ගේ හා සංචාරකයින්ගේ පැමිණීම නිසා මෙම ගැටලු ඇතිවෙන බව කීවේය.

සිරිසේන මහතා මේ බව පැවසුවේ අද (31)  පැවති කොළඹ ජාතික දන්ත වෛද්‍ය රෝහල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

RDS_2782 RDS_2810 RDS_2842