(විනීතා එම් ගමගේ)
වෛද්‍ය සිසුන් පසෙක තබා සයිටම් අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි යැයි රජයේ දන්ත වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි. වෛද්‍ය සිසුන්ට පහර දි හෝ මර්දනය කර මේ අර්බුදයට විසඳුම් සෙවිය හැකි යැයි ආණ්ඩුව සිතන්නේ නම් එයම මුලාවක් යැයි ද ඒ මහතා කියයි.
සියලූ ජනතා බලවේග එක්කර ගත් විරෝධතාවකින් මෙහා රජය මේ අර්බුදයට විසඳුම් සෙවීමට සුදානම් නොවෙතැයි පෙනෙන බව ද රත්නායක මහතා පවසයි. සයිටම් ආයතන අසත්‍ය ප්‍රවෘත්ති පතුරවන බවත් මේ ආයතනයට නීති විරෝධි ලෙස අවසර ලබා දී ඇත්තේ අමාත්‍ය එස් බී දිසානායක මහතා බවත් ද ඒ මහතා ප්‍රකාශ කරයි.
සයිටම් ප‍්‍රශ්නයට අතරමග විසඳුම් නැති බවත් සිසුන් බඳවා ගැනීම නවතා වහාම තහනම් කළ යුතු බවත් ඒ මහතා පවසයි. රත්නායක මහතා මේ අදහස් පළ කළේ විද්වත් වෘත්තිකයින් ගේ සංගම් ශාලාවේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

