“විධායක බලය බෙදී යන්න ඕනෑ”


ශ්‍රී ලංකාවේ   සිදු වී   යැයි  කියන යුද අපරාධ  චෝදනා  විමර්ශන  පිළිබඳ විස්තර   ලබන  ජුනි   අවසානයේ  දි   ප්‍රකාශයට   පත්   කරන   බව   ජනාධිපති   මෛත්‍රීපාල  සිරිසේන  මහතා   ඇමරිකාවේ   ටයිම්  සඟරාවට    පවසා   ඇත.

යුද අපරාධ චෝදනා  විමර්ශනය කිරිමේ  ගැන  ශක්තිමත්  අභ්‍යන්තර පරීක්ෂණයක්   පවත්වන බවට   ශ්‍රී  ලංකා  රජය එක්සත්   ජාතින්ගේ    සංවිධානයට   දැනුම්දුන්   බවත්   එම  පරීක්ෂණයට   එක්සත්   ජාතින්ගේ    මානව   හිමිකම්     කොමසාරිස්වරයා    මගින්   එක්සත්   ජාතින්ගේ   උපදෙස්   ලබා   ගැනිමට   ඇති    හැකියාව   විමසු  බවත්  ජනාධිපති    ටයිම් සඟරාවට   කියා  ඇත.

ජනාධිපතිවරයාගේ  විධායක  බලය   අහෝසි   කරන බවට    සිරිසේන  මහතා    ඉකුත්   ජනාධිපතිවරණ මැතිවරණ   සමයේ   දුන්   පොරොන්දුව  පිළිබඳ  ටයිම්   සඟරාව  ඇසු  පැනයට  පිළිතුරු දන්වමින්   පවසා    ඇත්තේ   විධායක  බලය   කේන්ද්‍රගත  වි  තිබිම   රටේ   දැවැන්ත  ප්‍රශ්නයක්   බවයි. එය බෙදි  යා යුතු  බවත්  ඔහු   කියා ඇත.