අද(02) පැවැති බස් වැඩවර්ජනය අතරතුර මාර්ග අවහිර කරමින් සාමාන්‍ය ප්‍රවාහන පද්ධතියට බාධා කළ අය සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය පොලිසියට දැනුම් දී ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව පවසයි.
මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ අය අත්අඩංගුවට ගැනීමටත් පියවර ගන්නා බව කියයි.අද දින තුළ බස් රථ කිහිපයකට පහර දීම හා රාජ්‍ය දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කළ බවත් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කරන බවත් එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
රාජ්‍ය දේපල වලට හානි කරන අයට මෙන්ම සාමාන්‍ය ජන ජිවිතය අඩාල කරන්නන්ට එරෙහිව පොලිසිය නීතිය තදින් ක්‍රියාත්මක කරනු ඇති බව ද එම දෙපාර්තුමේන්තුව කියයි.